27 C
Colombo
Tuesday, March 11, 2025

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක්

- Advertisement -

ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

තොරතුරු තාක්ෂණයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් ඉන්දියාව ඉ-රාජ්‍ය පාලනය, මුල්‍ය තාක්ෂණ ක්‍රමවේද, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර වල අත්කරගෙන ඇති විශේෂඥ දැනුම බහු විධ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ධිජිටල් සංවර්තනය සඳහා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවකට පැමිණ තිබෙනවා.

එමඟින්, ඩිජිටල් සංවර්තන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීමට සහ ඩිජිටල් සංවර්තන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී දෙරට අතර ආයතනික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ අනුව, යෝජිත අවබෝතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ - පත්දඬුවන මංසන්ධියේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ජාඇල සහ ඒකල යන ප්‍රදේශවල දී...

මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී නිකුත් කර තිබෙනවා. ඒ, රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ...

රක්ෂිතයක් හාරලා;හිටපු ආණ්ඩුකාරවරයෙකුට චෝදනා

0
ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිට වූ බව...

POPULAR ARTICLES