31 C
Colombo
Saturday, October 5, 2024

ආරක්ෂක අංශවල වියදම ගැන අනාවරණයක්

- Advertisement -

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු  සේවකයන්ට  වැටුප්  ගෙවීම සඳහා වැය කළ මුදලට  ආසන්න මුදලක්  පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ  මහතා පවසනවා.

‘ලංකාදීප’ වෙත අදහස් දක්වමින් වසන්ත අතුකෝරළ  මහතා පවසා ඇත්තේ  ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල මේ බව සඳහන් වන බවයි.

මධ්‍යම ආණ්ඩුවේ සෙසු අංශවල  සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් සඳහා  රුපියල් කෝටි 32729 ක් වැය  කර ඇති අතර  ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පමණක්  එම වර්ෂයේදී රුපියල් කෝටි 31200ක් වැය කර ඇති බව  මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට පසුගිය වසරේ වැටුප් ගෙවීමට වැය කළ මුදල පළාත් පාලන ආයතන වල සියලුම  සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා එම වසරේදී වැය කළ මුදලට වඩා වැඩි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන සේවකයන්ට පසුගිය වසරේදී වැටුප්  ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 30021 ක් බවද වසන්ත අතුකෝරළ මහතා සඳහන් කර තිබුණා.

ඔහු  තවදුරටත් පවසා සිටියේ හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේදී ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින් 33%ක් යි.

එමෙන්ම පසුගිය වසර පහේ දී ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට වැය කරන මුදල 17%කින් වැඩි වී ඇති බවද මහාචාර්යවරයා  සඳහන් කළා.

ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 21787 ක්ද පොලිසියේ සහ සිවිල්  ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9413ක්ද වැය කර ඇති බවත්  ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් ගෙවීම සඳහා මෙපමණ මුදලක් දරද්දී රජයේ ආයතනවල ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බවත්  අතුකෝරළ මහතා අවධාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු...

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු...

නිල ණය හිමි කමිටුව සහ IMF අතර සාකච්ඡා සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...