නිධානයකින් ගත් බවට මැණික් ගලක් හා රන් බුදු පිළිමයක් ඇතුලත් කොට පාෂාණයකින් නිමකළ චෛත්‍යයක් රුපියල් කෝටි දෙක හමාරක මුදලකට මාතර නගරයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සුදානම් වූ ආයුර්වේද වෛද්‍යවරියක් ඇතුළු සිව් දෙනෙක් මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මාතර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණා.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ ගණුදෙනුව සිදු කිරීමට සැකකරුවන් මෝටර් රථයකින් පැමිණි අවස්ථාවේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.