33 C
Colombo
Monday, March 31, 2025

ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක්

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද (27) නුගේගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ වුණා.

මෙම අවස්ථාවේදී පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන නිලධාරීන්ට අත්පත්‍රිකා ප්‍රධානය කිරීම සිදුකෙරුණු අතර බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගුවනේ සිට හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය යොදා ගැනීම විශේෂ වෙනවා.

බස්නාහිර පළාතේ දින තුනක ඩෙංගු මඩින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන් සතුටු වන බව පැවසු ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා මේ වසරේ ඩෙංගු කැපී පෙනෙන ලෙස අඩු වි ඇති බව පැවසුවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වනවිට මේ තත්ත්වය තවත් සතුටුදායක වන බවත් පැවසු හනීෆ් යූසුෆ් මහතා ඩෙංගු මර්ධනය සඳහා ආණ්ඩුකාරවරයා වශයෙන් දිය හැකි සියලු ආකාරයේ සහයෝගය ලබා දෙන බව කියා සිටියා.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් , සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජයසිංහ , බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්.ඒ කළුකපුආරච්චි ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

විදෙස් සංචාරක කතක් කෝච්චියෙන් වැටිලා

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් දුම්රියෙන් පිටතට නැමී ඡායාරූප ලබා ගැනීමට යාමේදී විදුලි රැහැන් කණුවක...

රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් 'රොටුඹ අමිල' රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,එරට ආරක්ෂක බලධාරීන් විසින්. රුසියානු ආරක්ෂක බලධාරීන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව...

හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට (01) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. කාලගුණවිද්‍යා...

POPULAR ARTICLES