27.2 C
Colombo
Tuesday, April 22, 2025

පොඩි මයිනාගෙන් අද ෆේස්බුක් සංවාදයක්

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) පස්වරුවේ Facebook සජීවී සංවාදයකට එක්වන බව ඒ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රි 08 පටන් රාත්‍රි 09 දක්වා පුරා පැයක කාලයක් අදාළ සංවාදය සඳහා කාලය වෙන්කෙරෙනු ඇති.

නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස හා අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් වන විට, එකී අදහස් වලට ගරු කරමින් අසා සිටිමත් සෑම මනුෂ්‍යයෙකුගේම ගෞරවාන්විතව හැසිරිමක් හා එය ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක් බවයි.

අදාළ සංවාදය පිළිබදව වන දැන්වීමේ ඇති හෑෂ්ටැග් කිහිපයෙහි පොඩි මයිනා සහ නිවන් සුව යන හෑෂ් ටැගයන්ද නාමල් රාජපක්ෂ මහතා විසින් සටහන් කර තිබෙනවා.

මීට හේතුවී ඇත්තේ මීට පෙර ඔහු පවත්වන ලද Facebook සජීවී සංවාදයේදී 90% කට වඩා වැඩි පිරිසක් ඔහුට නිවන් සුව පතා තිබීමයි.

එමෙන්ම තවත් විටෙකදී නාමල් රාජපක්ෂ මහතා ජනහමුවක් පවත්වමින් සඳහන් කළේ තමන්ගේ පියාට ‘මයිනා ‘ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නාක් මෙන් තමන්ටද ‘පොඩි මයිනා’ ලෙස ජනතාව ආමන්ත්‍රණය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ආහාර සුරක්ෂිතතා කමිටුව අදත් රැස්වෙලා

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් වුණා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්,...

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

POPULAR ARTICLES

අඳුරු වුණ අයිෆල්

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබෙනවා. පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත්...