ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හට සමාජ මාධ්‍ය තුළින් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.
ඒ ඔහු ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීමට කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ (12) රාත්‍රියේ පැමිණීම හේතුවෙන්.
ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් පැමිණ සිටි අතර රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද ක්‍රීඩිකාවන්ටත් ඉදිරියෙන් සිට පෙරහැරින් ගුවන්තොටුපළෙන් ඉවතට පැමිණියා.
මේ පිළිබදව මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඊට අදාළ ඡායාරූප හා වීඩියෝ පට යොදාගනිමින් රෝහණ දිසානාය මහතාව මේ වන විට දැඩිව විවේචනයට ලක්වනවා.