සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව සඳහන් කරමින් මේ දිනවල වට්ස් ඇප් ඔස්සේ ව්‍යාජ පණිවිඩයක් හුවමාරු වෙනවා.
මෙම පණිවිඩය සමඟ ඇති සබැඳිය (Link) මත ක්ලික් කර ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් එම තොරතුරු අනාරක්ෂිත තත්වයකට පත්විය හැකියි.
ඒ අනුව, එවැනි පණිවිඩ සමග පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම, පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීම සහ එම ලින්ක් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු කිරිමෙන් වළකින්න.