31 C
Colombo
Friday, October 18, 2024

ජනපති ගැන අසත්‍ය පුවතක්

- Advertisement -

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බවට වන වීඩියෝවක් පසුගිය 15 වැනි දින යූටියුබ් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා.

මෙය අසත්‍ය වීඩියෝවක් බව මේ පිළිබඳ කරුණු දක්වමින් බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවා.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක නිරීක්ෂණ සංචාරයක් සිදුකර නොමැති බවත් වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්බන්යෙන් කිසිදු විමසීමක්ද කර නොමැති බවත් ඔහු සඳහන් කළා.

ඔහු පැවසුවේ බන්ධනාගාර ක්‍රියාවලිය තුළ දෛනිකව රැඳවූවන් සඳහා ආහාර ලබාදීමේදී සලාක ලබා ගැනීමේ සිට නේවාසිකයින්ට ආහාර ලබාදීම දක්වා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් එය ආයතන ප්‍රධානීයාගේ අධීක්ෂණයටද ලක්වන බවයි.

එමෙන්ම පිසින ලද ආහාර නේවාසිකයින්ට ලබා දීමට ප්‍රථම දෛනිකව බන්ධනාගාර අධිකාරීවරයා විසින් එම ආහාර ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාර ලබා දීම සිදුකරන බවද ඔහු පවසනවා.

කොමසාරිස්වරයා පැවසුවේ බන්ධනාගාර ආයතන තුළ යම් පටිගත කිරීමක් හෝ දර්ශන ලබාගන්නේ නම් ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විශේෂ අවසරයක් ලබාගත යුතු අතර මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට කිසිදු මාධ්‍ය ආයතනයක් මගින් අවසර ලබා ගෙන නොමැති බවත් ඒ සඳහා රූගත කිරීමක් ද සිදුව නොමැති බවත් ය.

ඒ අනුව මෙම පුවත හා සම්බන්ද දර්ශන සියල්ලම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක් තුළ රූගත කළ දර්ශණයක් නොවන බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව එම යූටියුබ් නාලිකාව මගින් සිදුකර ඇති අසත්‍ය කරුණු හේතුවෙන් ජනාධිපතිවරයා හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපහසුතාවට හා අපකීර්තියට ලක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වන විට පැමිණිළි කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...