25 C
Colombo
Saturday, February 22, 2025

ගෝනියක් තුළ කාන්තා මළ සිරුරක්

- Advertisement -

වාලච්චේන ප්‍රදේශයේ වෙළෙඳසැළක ගෝනියක් තුළ තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර පොලීසියට ලැබී තිබූ අතර මෙම සිරුර එම ගෝනිය තුළ තිබෙන බවට සැකකරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෘත දේහය සොයාගත් වෙළෙඳසැලේ හිමිකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන්වීමක් පිළිබඳව ඊයේ (05) සවස වාලච්චේන පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඇය බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගිය බවට පැමිණිල්ලේ සදහන් කර තිබූ බවත් පොලීසිය පවසනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතරතුර වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී ඇති අතර ඉන් සඳහන් වී ඇත්තේ වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරන වෙළෙඳසැළක සැකසහිත ගෝනි දෙකක් ඇති බවයි.

ඒ අනුව පොලීසිය අදාළ වෙළෙඳසැළ වෙත ගොස් එම ගෝනි දෙක පරීක්ෂා කිරීමේදී එක් ගෝනියක පොහොර තොගයක් ද අනෙක් ගෝනියේ මියගිය කාන්තා සිරුරක් ද සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ බව කියන කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර එම ත්‍රීරෝද රථයේ රියදුරු විසින් මෙම ගෝනි දෙක අදාළ වෙළෙඳසැළ වෙත ගෙනැවිත් ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කරනවා.

ඒ අනුව ත්‍රීරෝද රථයේ රියදුරුද වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලක්ෂ 03ක හාල් රාජසන්තක කරලා

තම වෙළඳසැලේ සහල් තිබියදී, සහල් නොමැති බව ප්‍රකාශ කළ ඉබ්බාගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා. එහිදී අදාළ ව්‍යාපාරිකයා තම...

තරුණ සේවා සභාවේ අක්‍රමිකතා හොයන්න කෝප් අනුකමිටුවක්

ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට විශේෂ කෝප් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පොදු ව්‍යාපාර...

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය ගැන දැනුම්දීමක්

කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් නිසා...

POPULAR ARTICLES