ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් 20% දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබෙනවා.
නවසීලන්තය සමඟ පැවති පළමුවන එක්දින තරගයේ දී අඩු පන්දු යැවීමේ වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් එම දඩය පැනවෙන බවයි.
දෙරට අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමුණා.