දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පවසන්නේ, එම සුපිරි වෙළඳසැල දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අලෙවි කිරීම සම්බන්ධව ගම්පහ දිස්ත්රික් පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් මහර අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුව මෙම දඩය පැන වූ බවයි.
එමෙන්ම සහල් වැඩි මිලට අලෙවි කරන වෙළදුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් නියම කර ඇති බවත් එම අධිකාරිය පවසනවා.
සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල වැටලීම් 140 කට වැඩි ප්රමාණයක් කර ඇති අතර තවදුරටත් එම වැටලීමි දිවයින පුරා ක්රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.