29 C
Colombo
Saturday, January 18, 2025

වතු නිවාස පෙළක ගින්නක්

- Advertisement -

මස්කෙළිය පොලිස් වසමට අයත්  මාඋස්සාකැලේ වත්තේ  වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රී  11.30 පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිසිය පවසන්නේ මෙම ගින්නෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි.

නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස  පේළියේ පැතිර යමින්  තිබු ගින්‍න පාලනය කිරීමට වතු කම්කරුවන්,පොලිස් නිලධාරින්‍ සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ  භට පිරිස් පියවර ගෙන තිබුණා.  

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර,ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි  කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය  සමිපූර්ණයෙන්ම විනාශ  වී තිබෙනවා.

ගින්නෙන් සිදුවු  අලාභය මෙතෙක්  තක්සේරු  කර නොමැති අතර,ගින්නට හේතුව  විදුලි කාන්දුවක් බවද යන්න පිළිබඳව පරීක්ෂණ  පවත්වන මස්කෙළිය පොලිසිය  සැක පළ කරනවා.

ගින්නෙන් අවතැන්  වු පවුල් අටකට අයත් සමාජිකයන් 21 දෙනෙක් තාවකාලිකව   ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට එම වතුයායේ පාලන අධිකාරිය  පියවර ගෙන තිබුණා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)                                         

RECENT ARTICLES - SINHALA

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

කොළඹ දේපළ ව්‍යාපාරයක ඉන්දීය කළු සල්ලි; ඉන්දියාවෙන් විමර්ශනයක්

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබෙන බවට...

POPULAR ARTICLES

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට...