27.7 C
Colombo
Tuesday, April 8, 2025

ආරුක්කු නවය පාලම ආසන්න රක්ෂිතයේ ගින්නක්

- Advertisement -

දෙමෝදර ආරුක්කු නවය පාලම ආසන්නයේ මධුරගම කොටසේ ෆයිනස් වගා රක්ෂිතයට කිසියම් පුද්ගලයෙක් ගිනි තබා තිබෙනවා.

මේ හේතුවෙන් රක්ෂිතයේ විශාල කොටසක් අද (23) උදෑසන වනවිටත් ගිනි ගනිමින් පැවති අතර, ආරුක්කු නවය ප්‍රදේශයට පැතිරෙමින් පැවති ගින්න, යුද හමුදා නිලධාරින්ගේ මැදිහත්වීමෙන් පාලනය කර තිබෙන බව සඳහන්.

නමුත් ගින්න ඇල්ල පොලීසිය ආශ්‍රිතව ඇති රක්ෂිතය වෙත මේ වනවිට පැතිරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

යුද හමුදා නිලධාරීන්, පොලීසිය, ආපදා කළමනාකරණ ඒකකය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එක්ව මේ වනවිටත් ගින්න පාලනයට කටයුතු කරමින් සිටිනවා.

ප්‍රදේශය පුරා පවතින අධික වියළි ස්වභාවය හා තද සුළං හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වී ඇති අතර මේ වනවිට රක්ෂිතයේ ගස්වලට සහ සත්වයින්ට විශාල ලෙස හානි සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

නීතිවිරෝධීව දේපල උපයාගත් අයට වැඩ වරදියි

අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව, අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත...

POPULAR ARTICLES

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන තිබෙනවා. භූ...