31 C
Colombo
Friday, July 5, 2024

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට

- Advertisement -

ධීවරයෙකුට මුහුද මැදදී විෂ මොරල්ලෙකු ඇනීම නිසා එම ධීවරයා ඊයේ (02) දින මියගොස් තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ විෂ මොරල්ලගේ තුඩෙන් මෙම ධීවරයාගේ ගෙළ සිදුරු වී ඇති බවයි.

අනතුරුව එම ධීවරයා සමග බෝට්ටුවේ සිටි සෙසු ධීවරයින් තුවාල ලැබූ ධීවරයා රැගෙන ගොඩ බිමට පැමිණ යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී ධීවරයා මියගොස් තිබෙන අතර මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ ගුරුනගර්, පස්වන පටුමගේ පදිංචිව සිටි 29 හැවිරිදි මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙක්.

මේ අතර ධීවරයින් ප්‍රකාශ කරන්නේ මෙම විෂ සහිත මොරල්ලා මත්ශ්‍යයින් මුහුදු ජලයේ සිටිමින් එක්වරම උඩට පැන ධීවරයින්ට ප්‍රහාර එල්ල කරන බවයි.

මුහුදේ සිටින ජෙලිෆිෂ් මත්ස්‍යයින්ට වඩා වැඩි විෂක් මේ මොරල්ලන් විශේෂයේ ඇති බවත් එම මත්ස්‍ය ප්‍රහාරයට ගොදුරු වන්නන්ගේ ජීවිත බේරෙන්නේ ඉතා කලාතුරකින් බවත් ඔවුන් පවසනවා.

මියගිය ධීවරයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මිලියන 58ක් වියදම් කර මෙරටට ගෙන ආ පොලිස් සුනඛයෝ

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා ආනයනය කළ සුනඛයින් 35 දෙනෙකු අද (05) අලුයම නෙදර්ලන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා. නෙදර්ලන්තයේ K10 Workingdogs...

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය ගැන නන්දලාල් කියයි

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන්...

සාගලගේ රථ පෙළ වීඩියෝ කළ තරුණයක් අත්අඩංගුවට

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...