26 C
Colombo
Sunday, October 6, 2024

විෂ ශරීර ගත වීමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් නාවික හමුදා භාරයට

- Advertisement -

ගැඹුරු මුහුදේ දී විෂ ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් රෝගී තත්ත්යෙන් පසුවන ධීවරයා අද (30) රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව වෙත භාරගැනීමට නියමිත බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ රෝගී ධීවරයාව සහ මියගිය ධීවරයාගේ දේහය සිංගප්පූරු වෙළෙඳ නෞකාවේ සිට විජයබාහු නෞකාව වෙත ලබාගැනීමට නියමිත බවයි.

ඩෙවොන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි දෙදෙනෙක්ව අද (30) සිංගප්පුරු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබුණා.

කෙසේවෙතත් පසුව වාර්තා වුණූ ඉන් එක් අයෙකු මිය ගිය බවයි.

ඩෙවොන් 05 නමැති තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා මුහුදේ පා වී ආ බෝතලයක තිබූ ද්‍රව්‍යයක් පානය කිරීමෙන් රෝගී තත්ත්වයට පත් වූ අතර ඉන් පස් දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ යාත්‍රාවේ ස්කිපර්වරයා වන 42 හැවිරිදි නයන කාන්ත , 24 හැවිරිදි පැතුම් දිල්ශාන්, 32 හැවිරිදි සුජිත් සංජීව , 33 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 68 හැවිරිදි අජිත් කුමාර යන ධීවරයින් 5 දෙනාය.

ඔවුන් මෙම අනපේක්ෂිත තත්ත්වයට මුහුණදෙන විට ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබී ඇති බව වාර්තා වෙනවා.


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....