25 C
Colombo
Tuesday, January 7, 2025

පිස්තෝලයක් පෙන්වා පලතුරු ව්‍යාපාරිකයෙක් කොල්ලකාලා

- Advertisement -

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් බණ්ඩාරගම, මැදගම, හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් පෙන්වා ඔහු සතුව තිබූ රුපියල් 150,000ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසනවා.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පලතුරු ව්‍යාපාරිකයා ඔහුට අයත් කුඩා ලොරියෙන් එම ප්‍රදේශයේ සිට වාද්දුව ප්‍රදේශයේ කෙසෙල් අලෙවි කිරීමට ඉකුත් 03 වැනිදා පැමිණ ඇති බව පොලිසිය පැවසුවා.

එම ව්‍යාපාරිකයා තනිවම ව්‍යාපාර කටයුතුවල යෙදෙන අතර ඉකුත් 4 වෙනි දින මීට පෙර කෙසෙල් අලෙවිය සිදු කරන ලද වෙළඳසැල සඳහා කෙසෙල් අලෙවි කර එම මුදල්ද රැගෙන එදින බොරලැස්ගමුව ප්‍රදේශයට පිටව ගොස් එම ප්‍රදේශයේ වෙළඳසැල් සඳහා කෙසෙල් අලෙවි කර එම මුදල්ද රැගෙන වාද්දුව ප්‍රදේශයේ තම ඥතී නිවසේ රැය ගත කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඊයේ (05) උදෑසන බේරුවල සහ කළුතර ප්‍රදේශවල වෙළඳසැල්වලට කෙසෙල්කැන් අලෙවිකර අනතුරුව පස්වරුවේ බණ්ඩාරගම ප්‍රදේශයට පැමිණ කැස්බෑව මාර්ගයේ මැදගම – හඳුන්වැන්න ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක් ඉදිරිපිට ලොරිය නවතා එම වෙළඳසැලට කෙසෙල් අලෙවි කර පිටත්ව යාම සඳහා ලොරියට නැගීමත් සමගම කළු පැහැයට හුරු කබා පැළඳි පුද්ගලයන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ ලොරිය අසල නවතා ඇතැයි පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...