අද දිනයේ පටන් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ජාතික හැඳුනුම්පත් අංක අනුව රථවාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව එක් හැදුනුම්පතකට හෝ ගුවන් ගමන් බලපත්‍රයකට හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ එක් වාහනයක් පමණක් ලියාපදිංචි කර ඉන්ධන ලබාගත හැකියි.
මේ ක්‍රමය යටතේ අයථා ලෙස ඉන්ධන ඒකරාශී කරමින් අලෙවි කරන පුද්ගලයන් අධෛර්යමත් කිරීමට බලාපොරොත්තු වන බවත්, සියලු දෙනාටම ඉන්ධන ලබාගැනීමේ ක්‍රමයක් ඇතිකිරීමටත් හැකි බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.
ඊට අදාළ දර්ශන පහතින්,