26.9 C
Colombo
Wednesday, November 27, 2024

උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩන් වැටිලා

- Advertisement -

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවෙක් පවසනවා.

හැටන් වටරවුම් මාර්ගයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහල අක්‍රමවත් ආකාරයෙන් දිනපතා විශාල වශයෙන් කැලි කසල බැහැර කරන බවත්, පවතින අධික වර්ෂාවත් සමග අද එම කසල කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටි ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ දුම්රිය මාර්ග සංචාරක මුරකරු දැක ඒ පිලිබදව තම කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක් නතර කර දුම්රිය මාර්ගයට වැටි තිබු කසල කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කල බවයි ඉංජිනේරුවරයා පවසන්නේ.

මිට ප්‍රථමද මෙවැනි ආකාරයට කසල කන්දක් ධාවනය වෙමින් තිබු දුම්රියක් මතට කඩා වැටිමෙන් දුම්රිය එන්ජිමට හානි සිදු වු බව එම නිලධාරියා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

අධික වර්ෂාවෙන් පුද්ගලයින් 275,082 ක් පීඩා

අධික වර්ෂාවත් සමග හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් මේ වනවිට පවුල් 59629කට අයත් පුද්ගලයින් 275,082ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම පිරිසක් බලපෑමට...

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියා දුන් ඇගයීම

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී...

POPULAR ARTICLES