සහල් ආනයනය බලපත්‍ර ක්‍රමය යටත් කරමින් සහල් වර්ග කිහිපයක සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් මෙම ගැසට් නිවේදනයට අනුව ඔප දැමු සහ ඔප නොපැදු සහල්, කැකුළු සහල්, තම්බන ලද සහල් ආනයනයේ දී මෙලෙස සීමා පනවෙනු ඇති.
මෙම ගැසට් නිවේදනයට අනුව බාස්මතී සහල් ආනයනය සඳහා මෙම සීමාව අදාළ වන්නේ නැහැ.
මේ අනුව නෞකා මඟින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ පසුගිය දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති ඇණවුම් සඳහා විශේෂ බලපත්‍රයක් මඟින් අදාළ ආනයනික සහල් තොග වරායෙන් නිදහස් කර ගැනීමේ හැකියාව පවතිනවා.