ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් සඳහා නිත්‍යානුකුල සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 15 දා සිට දෙසැම්බර් 31 දා තෙක් මාස එක හමාරක කාලයක් මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක වනු ඇති.
2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අය සඳහා පමණක් ප්‍රකාශයට පත් වූ මෙම පොදු සමා කාලය වලංගු වේ.
ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඔවුන් හමුදාවට ගෙවිය යුතු මුදලක් ඇත්නම් පමණක් එම මුදල් ද ගෙවීමට සිදුවන බවයි.