ස්ට්‍රයික් එක අස්සෙ රස්සාවට ගිය අයට ආණ්ඩුවෙන් තෑගි මල්ලක්

පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 10,000ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතයි. කැබිනට් අනුමැතිය හිමිව තිබෙන මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින්.