25 C
Colombo
Friday, November 29, 2024

ජපානෙන් ලංකාවට තෑග්ගක්

- Advertisement -

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේදී , ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත අද (29) භාර දීම සිදු කෙරුණා.

මෙම පරිත්‍යාග අතර ගිලන් රථ , කසළ ප්‍රවාහන ට්‍රක් රථ , ස්වයංක්‍රීය පැටවීම සිදු කළ හැකි කසළ බදුන් , නවතම සී.- 2 තාක්ෂණයෙන් යුතු ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Scanners), ගුවන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Baggage Scanners), වැසිකිළි පද්ධති, වෛද්‍ය උපකරණ, ආගමන විගමන නිලධාරීන් සදහා විද්‍යුත් ආගමන විගමන කවුළු සදහා අවශ්‍ය උපකරණ ( Electronic Gate), ගුවන් මගීන්ගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Passport Scanners) සහ ගුවන් තොටුපොළ විවිධ ස්ථාන වල තොරතුරු ප්‍රදර්ශනය කිරීම සදහා භාවිතා කරන ඩිජිටල් පුවරු ද ඒ අතර වනවා .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කමොෂිඩා නවොඅකි , ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන්ත කුළසේකර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම ,කටුනායක ගුවන් තොටුපොළ තොරතුරු තාක්ෂණික අංශ ප්‍රධානී උදය ලොකුආරච්චි , ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් , මෙම අවස්ථාවට පැමිණ සහභාගී වී සිටියා .

මෙසේ ලබා දුන් ආධාර වලින් කොටසක් මාළදිවයින , සහ කොළඹ වරාය වෙත ද ලබා දීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

මිදිගම රුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා අද (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී...

POPULAR ARTICLES

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...