ජපානයේ පැවැත්වුණු 11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරඟාවලියේදී ජයග්රහණයක් වාර්තා කිරීමට ශ්රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් අද (12) සමත් වුනා.
ඒ මීටර 400 පිරිමි ඉසව්වේ පළමු වන ස්ථානය දිනාගැනීමටයි.
එහිදී ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 45. 92ක්.
මෙය එම ඉසව්වට සහභාගී වූ තරගකරුවන් අතුරින් වාර්තා වූ හොඳම කාලය ලෙස ද වාර්තා වුනා.
මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් නදීශා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුශි කරුණාරත්න සහභාගී වූ අතර, එහි පළමු ශ්රී ලාංකික නියෝජනය ලෙස නදීශා රාමනායක කාන්තා මීටර් 400 ඉසව්වට සහභාගී වුනා.