26 C
Colombo
Friday, October 18, 2024

ජනතාවගෙන් දේශපාලනඥයින්ට සුපිරි කනේ පාරක්

- Advertisement -

අනුරාධපුර වාහල්කඩ අලුතින් ඉදිකළ සති පොල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි දේශපාලන අධිකාරියට විරෝධය දැක්වීමට වහල්කඩ ජනතාව සති පොල විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරිම නිසා උත්සවය අතරමග නතර කිරීමට සංවිධායකයන්ට සිදුව තිබෙනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන, හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු දේශපාලන අධිකාරිය පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණා.

ජනතාව සහභාගි නොවන බව කලින්ම දැනගත් දේශපාලන අධිකාරියේ කිසිවකුත් මෙම උත්සවයට සහභාගී නොවු බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවය කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කර තිබුණා.

මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් ද හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරල්ලියද්ද මහතා පමණක් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු සමඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

වාහල්කඩ ජනතාව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා පත්‍ර දුන් නමුත් එහෙත් දේශපාලනඥයන් පැමිණෙන කිසිදු උත්සවයකට සහභාගි නොවී, ඊට විරෝධය දැක්වීම සඳහා සහභාගී නොවූ බවයි.

සති පොල විවෘත කිරිමක් සිදු නොකළ අතර,මධ්‍යහ්න 12 පමණ වන තෙක් රැඳී සිීටි උත්සවය සංවිධානය කළ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිටත්ව ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

ජනපති ගැන අසත්‍ය පුවතක්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...