31 C
Colombo
Wednesday, October 16, 2024

ලංකාවට සුපිරි ජයක්

- Advertisement -

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගැනිමට සමත් වුණා.

තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163ක්.

ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට – දෙදෙනෙක් අත්අඩංගුවට

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල ට...

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අතුරු තහනමක්

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම්...

අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ගැන අධිකරණයෙන් තීන්දුවක්

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...