25 C
Colombo
Friday, October 25, 2024

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

- Advertisement -

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම සත්කාරක ශ්‍රී ලංකාව ජය තහවුරු කර ගත්තා.

ඒ, තරගාවලියේ දෙවැනි තරගයත් කඩුලු 5කින් ජය ගනිමින්.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 44කට සීමා කර තිබෙනවා.

කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අභියස කොදෙව් මුල් පිතිකරුවන්ට සාර්ථක වීමට හැකිවූයේ නැහැ.

ඔවුන්ගේ කඩුළු 8ක් ලකුණු ලකුණු 58ක් තුළ බිඳ හෙළීමට මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ අසිත ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

9වැනි කඩුල්ලට එක්වු ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ගුඩකේෂ් මෝටි කෙදෙව් ඉනිම ශක්තිමත් කළේ ලකුණු 119ක සබදතාවයක් ගොඩනගමින්.

එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරගයකදී 9වැනි කඩුල්ලට ගොඩනැගූ හොඳම සබදතාවය ද වනවා.

ශර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 80ක් රැස් කළා.

ගුඩකේෂ් මෝටි ලකුණු 50ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 189ක්.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ නිශාන් මදුශ්ක සහ අවිශ්ක ප්‍රනාන්දු යි.

පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 9කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා ගත්තා.

නිශාන් මදුෂ්ක සමග එක් වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා තුන් වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කළා.

නිශාන් ලකුණු 38ක් සහ සදීර ලකුණු 38ක් රැස් කළා.

නායක චරිත් අසලංක සමග එක්වූ ජනිත් ලියනගේ පස්වැනි කඩුල්ලට ලකුණු 55ක් එක් කළා.

නායක අසලංක අද රැස් කළේ 14වැනි එක්දින අර්ධ ශතකයයි.

ජනිත් ලියනගේ ලකුණු 24ක්.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 2ක් ක් කඩුලු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...