25.1 C
Colombo
Wednesday, December 25, 2024

වයස 12ට අඩු දරුවන් මහණ කරන්න එපා..! – රුහුණේ කුලපති හිමිගෙන් පෙරළිකාර ප්‍රකාශයක්

- Advertisement -

විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාල නිකායවල මූලස්ථාන වහා ම මැදිහත් විය යුතු යැයි කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමි පවසනවා.

කුල දරුවන් සසුන්ගත කිරීමේදී ඉතා ම ලාබාල වයසේ දරුවන් සසුන්ගත නොකර අඩු තරමේ වයස අවුරුදු ‍ෙදාළහ ඉක්ම වූ දරුවන් පැවිදි දිවියට ඇතුළත් කළ යුතු බවයි නා හිමියන් අවධාරණය කරන්නේ.

යම් දරුවෙකු ගුරු හාමුදුරුනමක් යටතේ පැවිදි දිවියට ඇතුලත් කරන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ සාමණේර හිමියන් රැකබලා ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව බවත් උන්වහන්සේ පවසනවා.

කුඩා දරුවෙකු මහණ කර ගත්තේ නම් මාතෘ පීතෘ ස්නේහයෙන් වැඩිහිටි හිමියන් ඒ දරුවා රැක බලාගත යුතු බවත් එය වැඩිහිටි භික්ෂුන් වහන්සේගේ යුතුකමක් සහ වගකීමක් බවත් බුදුන් වහන්සේගේ සමයෙහි පවා මෙවන් දුශ්ශීල හිමිවරුන් සිටි බවත් නා හිමියන් අවධාරණය කරනවා.

භික්ෂුන් වහන්සේගේ විනය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විවිධ සිද්ධි අරබයා නොයෙක් අවස්ථාවල විනය සිල්පද පැනවුණු බවත් අදටත් ශාසනයෙහි විනය කඩ කරන දුශ්ශීල භික්ෂුන් වහන්සේලා සිටින බවත් උන්වහන්සේලා සිදු කරන විනය විරෝධී ක්‍රියා නියාමනය වීමක් සිදු නොවන බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

එමෙන්ම, ඒවා නිකාය මූලස්ථාන හරහා නියාමනය වීමක් සිදුවිය යුතු වුවත් එවන් කාර්යයක් නිකාය මූලස්ථානවලින් සිදු නොවන බවට චෝදනා කරන උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එවන් නියාමනය වීමක් සිදු නොවන නිසා නීතියේ පිහිට පැතීමට සිදුව ඇති බවයි.

සාමණේර හිමිවරුන්ට ද ළමා අයිතිවාසිකම් හිමි බව පෙන්වා දෙන නා හිමියන් විනය පොතේ උගන්වා ඇති අයුරින් වැඩිහිටි භික්ෂුන් වහන්සේ විනය ආරක්ෂා කරන්නේ නම් මෙවන් සිදුවීම් වාර්තා නොවන බවත් තවදුරටත් අවධාරණය කරනවා.

අකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ විද්‍යෝදය පරිවේණාධ්‍යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබ වූ උන්වහන්සේ මහ පඬිරුවනක් ලෙසද ප්‍රකටය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයද දරන උන්වහන්සේ කලකදී ආන්දෝලනයට තුඩු දුන් ‘හතේ අපේ පොත’ කෘතිය සිසුන්ට දිය යුතු බවත් සංඝ සමාජයේ ඇතැම් කටයුතු වෙනස් විය යුතු බවටත් පෙරළිකාර අදහස් දැක්වීමක යෙදුණා.


RECENT ARTICLES - SINHALA

නාවික සෙබළා රාජකාරී ගිනි අවිය සමඟ අතුරුදන්

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය සහ...

එන්නතකින් කළ මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවෙක් අත්අඩංගුවට

දික්වැල්ල, වත්තේගම ප්‍රදේශයේදී 69 හැවිරිදි කාන්තාවකට හඳුනානොගත් එන්නතක් විද ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු දික්වැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 42 ක් වන සැකකරු...

ෆේස්බුක් මඩවලට හිටපු රූපවාහිනී සභාපතිගෙන් පිළිතුරු

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා වුණා. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා...

POPULAR ARTICLES

ෆේස්බුක් මඩවලට හිටපු රූපවාහිනී සභාපතිගෙන් පිළිතුරු

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා වුණා. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා...

පාකිස්ථානයෙන් ඇෆ්ගනින්ථානයට ගුවන් ප්‍රහාර – 15ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය...

නාවික සෙබළා රාජකාරී ගිනි අවිය සමඟ අතුරුදන්

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය සහ...