2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් අද (14) උදෑසන වාර්තා වුණා.
ඒ උප නායකතුමන් ආදිවාසී සංස්කෘතියේ අනන්‍යතාවය වන “පොරව“ කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාණයට පැමිණි බව පවසමින්, මධ්‍යස්ථාන භාරකාර නිලධාරිතුමන් ආදිවාසී උපනායකතුමන්හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නොතිබීම හේතුවෙන්.
ඒ හේතුවෙන් උප නායකතුමන් ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණ තිබෙනවා.
කෙසේවෙතත් පසුව එහිදී වන්නිලා ඇත්තන්ට කිසිඳු ගැටළුවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, ඉන්පසු ආදිවාසී පරපුරේ අනෙක් පිරිසට ද කිසිඳු ගැටළුවකින් තොරව පොරවත් රැගෙන පැමිණි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.