27 C
Colombo
Sunday, January 12, 2025

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

- Advertisement -

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (11) දින රාත්‍රී කාලයේදී මන්නාරම උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

ඒ සමග ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනා ඉරණතිව් දූපත වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම 2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සහ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ලැව් ගින්නෙන් ඇමෙරිකාවට ඩොලර් මිලියන 150ක පඩුවක්

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද (12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස්...