මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර ඊයේ (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.
මෙම කලපු සංවර්ධනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
මෙම කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, ඊට අවශ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් රුපියල් මිලියන 600ක පමණ මුදලක් අපතේ යන බවත් සම්බන්ධීකරණ කමිටුවේදී චෝදනා එල්ල වුණා.
එබැවින් මෙම ව්‍යාපෘතියට නිර්දේශ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඉල්ලා සිටි අවස්ථාවේ දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ මීගමුව කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නොහැකි බවයි.
කලපු ව්‍යාපෘතිය සම්බන්දයෙන් ‘වන අපරාධකුරවකු’ සම්බන්ද වී සිටින බැවින් තමන් මෙම නිර්දේශ ලබා දිය නොහැකි බවයි ඇය සදහන් කළේ.
ඊට අදාළ දර්ශන පහතින්,