දේශබන්දු තෙන්නකෝන් මහතා නැවතත් පොලිස්පති ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අගලකඩ සිරිසුමන හිමි ප්‍රධාන හිමිවරු පිරිසක් අද (30) කොළඹදී පාගමනක නියැළී තිබෙනවා.
කොටුව දුම්රියපොල අසලින් ආරම්භ කර කොටුව බෝධිය දක්වා ගමන් ගත් මෙම පාගමනට විදේශීය හිමිවරු සහ කුඩා සාමනේර හිමිවරුන්ද සහභාගී වි සිටියා.
මෙම පිරිස කොටුව බෝධියට අසලට වැඩම කර ආගමික වතාවත් පවත්වා අනතුරුව අදහස් දක්වමින් කියා සිටියේ පොලිස්පතිවරයාට සිය ධූර කාලය තුළ කටයුතු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථාව ලබා දිය යුතු බවයි,
කුඩු සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පොලිස්පතිවරයා ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව මේ වන විට විවිධ බාධා පමුණුවමින් ඇති බවද මෙහිදී රැස්වූ හිමිවරුන් අවධාරණය කළා.
එම හික්ෂූන් තවදුරටත් පවසා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නැඟෙන විරෝධය ජාතියේ මළ ගමේ හඬ බවයි.
දින 6ක් පුරා පැවති පෙත්සම් විභාගයකින් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.