30 C
Colombo
Wednesday, November 20, 2024

මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් හදිසියේ පාර්ලිමේන්තු ගිහින් (වීඩියෝ)

- Advertisement -

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව අද (20) පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබෙනවා.

පක්ෂ මූලස්ථානයේදී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ව දැනුවත් කර පසුව ඔවුන්ව බස් රථයකින්  පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ගොස් තිබුණා.

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබා දීම සඳහා ඔවුන්ව මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව පිළිබඳව මෙන්ම එහි වැඩ කටයුතු සිදු වෙන ආකරය පිළිබඳව දැනුවත් කිරිමක්ද සිදු කළ බවයි.

නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් 141ක් සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිමේන්තුවට යාම සඳහා තේරී පත්වුණා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට හෙට (21) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව...

අලුත් පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට (21) ආරම්භ වීමට නියමිතයි. කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සඳහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් එදින සිදුකෙරෙනවා. ඒ අනුව, 10...

සැමියගෙන් බේරෙන්න ගිය බිරිඳ ගොඩනැගිල්ලෙන් වැටිලා

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, මාතර - වැලිගම...

POPULAR ARTICLES