පාකිස්තානයේ කේබල් රථයක සිරවූ පිරිසක් බේරාගැනීම සඳහා එරට ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවා වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි මේ වනවිට ළමුන් 6ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු සිරවී සිටින බවයි.
සාමාන්‍යයෙන් මෙම කේබල් කාර් මගින් පාකිස්තානයේ Pakhtunkhwa පළාතේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සිදුකරනු ලබනවා.
මෙම ළමුන් පිරිස සහ ගුරුවරුන් දෙදෙනා අද උදෑසන 7ට සිය පාසල වෙත ගමන්කරමින් සිටින අතරතුර මෙම සිදුවීමට මුහුණදී තිබෙනවා.
මෙලෙස එම රථය සිරවී තිබෙන්නේ අඩි 1200ක පමණ ඉහලින් වීමත් අධික සුළං තත්ත්වයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.