31 C
Colombo
Wednesday, September 18, 2024

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දීලා

- Advertisement -

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැති ජන හමුවකට එක් ව ආපසු යමින් සිටි පිරිසකට ඊයේ (13) උදෑසන  මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.

ප්‍රහාරයෙන් සිව්දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්.

පහරදීම සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හිස්වැසුමක් නිසා දුම්රිය නියාමකවරු පිරිසක් වර්ජනයක

අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා . ඒ, එම අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ දුම්රිය නියාමකවරයෙක්ට අයත් යතුරුපැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම...

ගෝඨාභය පව් එයාව බිලිදුන්නා – අනුර

ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා....

පොලිස් සැරයන්වරයෙක්ට පහර දුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසනවා. බීමතින් පැමිණි පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...