29 C
Colombo
Monday, November 18, 2024

උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට

- Advertisement -

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව යුද හමුදාව පවසනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැලඳී ඇති බවයි.

උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට අවශය පියවර ගෙන ඇති බව මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පසුගිය 11වනදා සිට උණ රෝගය පැතිරී යාම සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමයෙන් අනතුරු ඇගවීමක්

සහල් ප්‍රශ්නය විසඳීමට නම් මාස දෙකකට ප්‍රමාණවත් තරම් සහල් ආනයනය කරන්නැයි සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් ඉල්ලා...

නව රජයේ අමාත්‍යවරු මෙන්න

0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුන් දුන් නව රජයේ අමාත්‍යවරුන් ලැයිස්තුව පහතින්, හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍යඅධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන විජිත හේරත් - විදේශ...

විජිත හේරත්ට අමාත්‍ය ධූර තුනක්

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර...

POPULAR ARTICLES