25 C
Colombo
Monday, December 16, 2024

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

- Advertisement -

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා.

අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබුණා.

පසුව ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණු බව වාර්තා වන්නේ.

මෙම පිරිස මිනිස් ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිට තිබෙනවා.

මේ අතර තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තා වනවා.

ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස පසුගිය දා අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබාදී තිබුණා.

නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ තිබෙනවා.

මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් නොවීම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥකම ගැන ඇසූ අයට නාමල්ගෙන් සැර උත්තරයක්

නීති විද්‍යාලයේ නිත්‍යානුකූල ක්‍රමවේදයට තමන් ලියාපදිංචි වූ බවත් ඕනෑම විභාගයක් ලිවීමේදී ශාලාවෙහි අසුන් ගැනීම පිළිබඳව තීරණය කරන්නේ විභාග පවත්වන ආයතනය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී...

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

රිළවුන්ට චෝදනා නොකර පොල් හිඟයට පිළියම් දෙන්න – පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස පහක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් රිලවුන්ට දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින්...

POPULAR ARTICLES