28 C
Colombo
Thursday, September 19, 2024

අරගලයේ පිරිසක් රස පරීක්ෂක හමුවට

- Advertisement -

අරගලය පැවති සමයේදී අරලිය ගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ එහි දේපලවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකයෙකවූ එරංග ගුණසේකර, නිලූකා දමයන්ති, ඉනෝකා ලක්මාලි, ජනක රොෂාන් සහ මුදියන්සේලාගේ විමලරත්න යන සැකකරුවන් ලබන 20 වැනිදා උදේ 9ට රජයේ රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළා.

අරගලය පැවති සමයේදී අනවසරයෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවීම සහ දේපළවලට හානි කිරීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 33 කට එරෙහිව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.

එම සිදුවීමට අදාළව සාක්ෂි ලෙස ලබාගත් ඡායාරූප සමඟ ඉහත සැකකරුවන්ගේ ඡායාරූප සංසන්දනය කිරීමට අවශ්‍ය බැවින් රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කළ ඉල්ලීමට අවසර දෙමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...