32 C
Colombo
Thursday, January 9, 2025

මැර පිරිසක් සේරුවිල විහාරය අල්ලගෙන – කොටපොළ අමරකිත්ති හිමි : එහෙම එකක් නැහැ – විහාරාධිපති අලුදෙණියේ සුබෝධි හිමි

- Advertisement -

කිසියම් මැර පිරිසක් විසින් බලහත්කාරයෙන් සේරුවිල මංගල රජ මහා විහාරයේ පාලනය අතට ගනිමින් කටයුතු කරන බවටත් ඔවුන් තමන්වහන්සේට සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට ඇතුළුවීමට පවා ඉඩ නොදෙන බවටත් මීට දින කිහිපයකට පෙර පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් මාධ්‍ය වෙත අදහස් පලකර තිබුණා.

උන්වහන්සේ පවසා සිටියේ සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ භාරකාරීත්වය නීත්‍යනුකූලව තමන් වහන්සේ වෙත පවරා ඇති නමුත් මෙම මැර පිරිස තමන් වහන්සේට භාරකාරත්වය දැරීමට ඉඩ නොදෙන බවයි.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් එල්ලකරන මෙම චෝදනාවට පිළිතුරු දෙමින් සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරන පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් පවසන්නේ කොටපොල අමරකිත්ති හිමියන් විසින් සිදුකරන එම ප්‍රකාශය අසත්‍ය බවයි.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් ‍සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට ලොල්වී සිටින බවත් ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ නාදුනන මැරයන් 40 දෙනෙකු සිටින බවටත් සිදුකරන ප්‍රකාශ තරයේ හෙළා දකින බව පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන්ට අධිකරණ ගණනාවක වාරණ නියෝග පවතින බවත් උන්වහන්සේගේ අභූත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසටත් බෞද්ධ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සදහන්.

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව සිටි සේරුනුවර සරණකිත්ති හිමි අපවත්වීමෙන් පසුව එහි විහාරාධිපති ධූරය පිළිබදව 2016 වසරේදීත් ගැටළුවක් ඇතිවුණා.

ඒ සේරුනුවර සරණකිත්ති හිමි අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධූරයට පත්වූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් හා පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් අතරයි.

එම කරුණ සම්බන්ධයෙන් මුතූර් අධිකරණයේ නඩුවක්ද පවතින අතර ඊට අනුව එම විහාරස්ථානයට ඇතුළුවීම වළක්වමින් පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් හට වාරණ නියෝගයක්ද පවතිනවා.

කෙසේ වෙතත් පසුගිය මැයි 11 වනදා සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් අපවත්වූ අතර ඉන් අනතුරුව සේරුවිල නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වන පූජ්‍ය අලුදෙණියේ සුබෝධ හිමියන් නව විහාරාධිපති ලෙස මැයි 16 වනදා පත්කරගෙන තිබෙනවා.

ඉන් පසුව යළිත් ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට තවත් පිරිසක් සමඟ පැමිණ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්...

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

POPULAR ARTICLES