31 C
Colombo
Wednesday, January 8, 2025

ලංකාවට ජපානයෙන් සහතිකයක්

- Advertisement -

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කර තිබුණා.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී සඳහන් කර තිබුණා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ජයිකා සංවිධානය බලාපොරොත්තු වන බව හාරා ෂෝහෙයි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන “Clean Sri Lanka”වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවද පැවසුවා.

මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු සඳහා ජයිකා සංවිධානය මගින් ලබාගත හැකි මූල්‍ය සහ භෞතික සහාය පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා අතර අද (08) පැවැති සාකච්ඡාව...

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...

ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ...

POPULAR ARTICLES

බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා අතර අද (08) පැවැති සාකච්ඡාව...

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත් වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක දැවැන්ත පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (8) සිදුවුණා. ඒ අනුව,...

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...