බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඒ අනුව අදාළ ෆේස්බුක් පිටුවේ මේ වන විට online අන්තර්ජාල ක්‍රීඩාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ තමන්ගේ ෆේස්බුක් පිටුවට කිසියම් අයෙක් අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.
එබැවින් මෙම facebook පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් තමන් විසින් පලකරනු ලබන්නක් නොවන බවත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසත් තෙන්නකෝන් මහතා ඉල්ලා තිබෙනවා.
ගිණුම නැවත යථා තත්ත්වයට පත්කරගැනීමටත් මෙම ක්‍රියාවට අදාළව නිත්‍යානුකූල පියවර ගැනීමටත් තමන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
මීළඟ පොලිස්පති ධූරය අපේක්ෂාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය කාලය පුරාවටම විවිධ ක්‍රියාකාරකම්වල නිරත වුවද යළිත් වරක් සී.ඩී. වික්‍රමරත්න මහතා හටම සේවා දිගුවක් ලබාදෙමින් පොලිස්පති ධූරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
ඔහුගේ ෆේස්බුක් පිටුවට සිදුව ඇති දෙය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වමින් විවිධ පාර්ශවයන් ප්‍රශ්න කර ඇත්තේ තමන්ගේ ෆේස්බුක් පිටුව ආරක්ෂා කරගැනීමට නොහැකි දේශබන්දු තෙන්නකෝන් මහතා මහජන ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්නයි.