30 C
Colombo
Saturday, October 26, 2024

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්

- Advertisement -

මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බවයි.

ඒ අනුව, දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, 4%ත් 11%ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.

එය සෑම අංශයකටම 6%ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවද පැවසුවා.

එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කරන බවයි.

යෝජනා සියල්ල මහජන උපදේශනයකට යොමුකර අවසන් තීරණයක් ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවා.

මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මාර්තු මස 4වැනි දින සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා 21.9%කින් විදුලි ගාස්තු සංශෝධනය කළා.

දෙවැනි කාර්තුවේ විදුලි සංශෝධනය පසුගිය ජූලි මස 16වැනිදා සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සංශෝධනය කළ ප්‍රමාණය 22.5%ක්.

RECENT ARTICLES - SINHALA

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...

මාලිමාවේ ආධාරකරුවන් පිරිසකට මරණීය තර්ජන

ජාතික ජන බලවේගයට සහය දක්වන හැටන් - බගවන්තලාව ප්‍රදේශයේ ආධාරකරුවන් දෙදෙනෙකුට දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් පිරිසකගෙන් මරණීය තර්ජනය කල බව පවසමින් බගවන්තලාව...

රත්නපුරයේ වෙඩිතැබීමක්

රත්නපුර, මාරපන තලාව ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද (26) අලුයම 02ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වනවා. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...