29 C
Colombo
Saturday, October 26, 2024

නවසීලන්තය හමුවේ ඉන්දියාවට ඉතිහාසගත පරාජයක්

- Advertisement -

ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 113කින් ජයගැනීමට ඔවුන් අද සමත්වීමත් සමගයි.

2012 වසරට පසුව ඉන්දීය කණ්ඩායම තම රටේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්තාව මෙය වීම ද විශේෂත්වයක්.

පූනේ හිදී අද (26) අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා නවසීලන්තය ලකුණු 259ක් ලබාගත් අතර ඉන්දීය කණ්ඩායමට පළමු ඉනිමේ දී ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණයි.

නවසීලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 255ක් ලබාගැනීමත් සමග තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 359ක ඉලක්කයක් හිමිවුණා.

කෙසේවෙතත්, එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 245ක් පමණයි.

විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ මිචෙල් සැන්ට්නර් ඉනිම දෙකේ දී කඩුළු 13ක් බිඳහෙළීමට සමත්වුණා.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම්දීමක්

ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ලාංකිකයින්ට දැනුම් දෙනවා. තානාපතිවරයා පැවසුවේ ඊශ්‍රායල්...

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්

0
සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අදාළ සංගණනය සිදුකෙරෙන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව...

අත්පත්‍රිකා දෙන්න ගිහින් පොහොට්ටු අපේක්ෂකයෙක්ගේ බිරිදක් ගුටි කාලා

මහ මැතිවරණයේ අත්පත්‍රිකා බෙදමින් සිටි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින උපාලි කොඩිකාර මහතාගේ බිරිඳට වන කාන්ති කොඩිකාර...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...