ශ්රී ලංකාවේ රන් මිල බලාපොරොත්තු නොවූ අයුටින් ඉහළගොස් ඇති බව රත්රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව අද දිනයේ රන්මිල සැලකිය යුතු ගණනකින් ඉහළගොස් තිබෙනවා.
එම මිල ගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 141,000 ලෙසයි. එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 130,500ක් ලෙසටයි.
එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගය වනවා.