24 C
Colombo
Wednesday, January 22, 2025

කොටස් වෙළදපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ ඉහළම අගය අද (20) දින නැවත වරක් අලුත් කර තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී ඒකක 14,800 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 156.44 කින් ඉහළ ගොස් ඒකක 14,810.70 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.67 කින් ඉහළ ගොස් ඒකක 4,420.79 ක් ලෙසින් වාර්තා වනවා.

රු. බිලියන 9.23 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම අද දිනයේ දී වඩාත් කැපීපෙනෙන කරුණ වූවා.

සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, මෙල්ස්ටාකෝප්, ඇක්සෙස් ඉන්ජිනිරින්ස් සහ ෂෙව්රෝන් ලුබ්රිකන්ටස් ලංකා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට අද දිනයේ දී ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලක අධිකරණයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා....

දරුවෙක් විදුලිසැර වැදී මරුට

හුරීගස්වැව, සුදර්ශනාගම ප්‍රදේශයේදී දරුවෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. ඊයේ (21) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, සුදර්ශනාගම, හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි...

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවට අනුමැතිය

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහලුම් පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව...

POPULAR ARTICLES