හෝටල් සේවකයෙක් තවත් සේවකයෙකුට එල්ල කළ පිහි පහරකින් එම සේවකයා මියගොස් තිබෙනවා.
ජාඇල පරණ මීගමුව පාරේ පිහිටි හෝටලයක් තුළ අද (10) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සේවකයින් දෙදෙනා අතර, ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් සේවකයෙක් අනෙක් සේවකයාගේ ගෙළ ප්රදේශයට සහ පාදයකට පිහියකින් පහර දී තිබෙනවා.
පිහි ප්රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ එම සේවකයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විජය කුමාර නැමැති පුද්ගලයෙක්.
අපරාධය සිදුකළ බව කියන සැකකාර අනෙක් සේවකයා ප්රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අපරාධය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.