28.3 C
Colombo
Saturday, November 23, 2024

ජීප් රථයක් බුත්ගමුඔයට පෙරළී දෙදෙනෙක් මරුට

- Advertisement -

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් බුත්ගමුව ඔයට වැටීමෙන් සිදු වූ අනතුරින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජිප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුළ සිර වී සිටි තරුණයින් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණකරුවන් අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් දෙදෙනා සහෝදරයන් බවට අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදු කරනු ලැබූ පරීක්ෂණ අනුවයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අලුත් මන්ත්‍රීවරු 35ක් මාදිවෙලින් නිවාස ඉල්ලලා

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇති බව වාර්තා...

වේයන්ගොඩ නිධානයේ අලුත්ම තත්ත්වය

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23)...

POPULAR ARTICLES