25.1 C
Colombo
Friday, November 29, 2024

ඔයාගේ එක්කෙනා ලෝකෙන්ම හතර වෙනියා වෙලා නේද? – මෛත්‍රිපාල සිරිසේන

- Advertisement -

පසුගියදා පාර්ලිමේන්තු විදුලි සෝපානයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව මුණගැසී තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සිනහමුසු මුහුණෙන් ලොහාන් රත්වත්තේ මහතාට පවසා ඇත්තේ “ආ.. ලොහාන්, මට ඔයාව ඊයේ රෑ මතක් උනානේ” යනුවෙනි.

“ඒ මොකද ඒ?” ලෙස ලොහාන් රත්වත්තේ මහතා විමසීමේදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “ඇයි ඔයාගේ එක්කෙනා ලෝකෙන්ම හතරවෙනියා උනානේ” ලෙසයි.

“ඔබතුමාටත් දැන් එව්වා ගැන සෑහෙන උනන්දුවක් නේද තියෙන්නේ” ලෙස ලොහාන් රත්වත්තේ මහතා පිළිතුරු දී විදුලි සෝපානයෙන් බැස ඉදිරියට එනවිට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට මෙම පිරිස හමුව තිබෙනවා.

එහිදී මෛත්‍රිපාල සිරසේන මහතා රමේෂ් පතිරණ මහතාට ලොහාන් රත්වත්තේ මහතා පෙන්වා පවසා ඇත්තේ “මෙයා දැන් හරි සතුටින්නෙ ඉන්නෙ” ලෙසයි.

“ඒ ඇයි” ලෙස විමසූ රමේෂ් පතිරණ අමාත්‍යවරයාට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත්තේ “ඇයි මෙයාගේ එක්කෙනා ලෝකෙන්ම හතර වෙලානේ” යනුවෙන් බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...