25.6 C
Colombo
Thursday, November 28, 2024

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

- Advertisement -

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, සැකකාරිය සමග සොරාගෙන තිබූ කිරිපිටි පැකට් දෙකද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි.

කුරුදුවත්ත වෝඩ් පෙදෙසේ සුපිරි – වෙළඳසැලකින් ළදරු කිරිපිටි පැකට් දෙකක් සොරාගන් කාන්තාවක් එයින් පිටවන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් අල්ලා ගැනීමට උත්සහ කිරීමත් සමගම ගල්වලින් පහරදී පලාගිය බවට කුරුඳුවත්තේ පොලිසියට ලද තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට තොරතුරු ලබාදී තිබුණා.

පසුව කුරුඳුවත්ත රෝහල් චතුරස්‍රය අසලදී සැකකාරීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලම්පිටිය සහ කෑගල්ල ප්‍රදේශවල ලිපිනයන් දෙකක පදිංචි වයස අවුරුදු 32 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය...

පුංචි ඡන්දේ තියන දිනය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ...

POPULAR ARTICLES