27.3 C
Colombo
Friday, December 20, 2024

රෝයල් පාක් ඝාතකයා ගේන්න නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා ලිපියක්

- Advertisement -

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී  මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජූඞ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපා​ල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීරණය කළා.

මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙස්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්‍ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද මෙහිදී නියම කෙරුණා.

මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා විදේශගත වී ඇති අතර ඔහු තවමත් විදේශගත වී ඇති බවයි වාර්තාවන්නේ.

Related:

RECENT ARTICLES - SINHALA

හරක් කටාට එරෙහිව ඇති නඩුවක සාක්ෂි විමසීම අරඹලා

තවත් පුද්ගලයෙකු සමග බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා එම නිවසේ තිබූ රුපියල් විසි දහසක මුදලක් පැහැරගෙන යාම මෙන්ම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ...

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බවට වාර්තා වනවා. ගාල්ල බන්ධනාගරයේ රඳවා...

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තය අවසන්කර අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ දී අද (19) සවස පිලීපැනීමකට ලක්ව...

POPULAR ARTICLES