28 C
Colombo
Wednesday, January 1, 2025

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

- Advertisement -

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී දෙහිදෙණිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වනවා.

පසුගියදා මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවා.

එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් පිරිස මුලතිවු ගුවන් හමුදා කඳවුරේ රඳවා තබා ඇති බව වාර්තා වනවා.

මෙම සරණාගතයින් පිළිබඳව සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 26 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරට ගොස් තිබුණා.

කෙසේවෙතත් අදාළ සරණාගතයින් බැලීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අනුමැතියකින් තොරව අවසර ලබාදිය නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

කිසිදු තැනැත්තෙකුට එම සරණාගතයින් හමුවීමට අවසර ලබානොදෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරිය නියෝග කර ඇති බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ආගමන විගමන පාලක ජනරාල්වරියගෙන් ද ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණා.

එහෙත්, අදාළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ එම රැකවරණය පතන්නන් වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාදෙනු ලබන්නේ සිය දෙපාර්තමේන්තුව මගින් නොව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා බවයි.

අදාළ දැනුම් දීම ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු විසින් වාචිකව සිදුකර ඇති අතර ආගමන විගමන පාලක ජනරාල්වරිය විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සන්නිවේදනය කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙනවා.

අධිකරණයමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රඳවාගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන නිරතුරුවම පරීකත්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැවරී ඇති බව සඳහන් වනවා.

අදාළ කඳවුරේ සිටින සරණාගතයින්ගෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් කුඩා දරුවන් වන අතර ඔවුන්ගෙන් බහුතරය ළදරුවන් බව වාර්තාවන බැවින් ඒ පිළිබඳව සොයාබැලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ වගකීමක් බව ඔවුන් පෙන්වාදෙනවා

එම නිසා අදාළ රැකවරණය පතන්නන් වෙත කොමිසන් සභා නිලධාරීන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් සුදුසු නියෝග නිකුත් කරන ලෙස ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සිය ලිපිය මගින් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රේගුවට ගිය වසරේ වාර්තාගත ආදායමක්

‍ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම...

ඉන්දියා – කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට...

කොකේන් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්. සැකකරු සතුව තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ ග්‍රෑම් 06ක්...

POPULAR ARTICLES

රේගුවට ගිය වසරේ වාර්තාගත ආදායමක්

‍ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම...

ඉන්දියා – කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට...

ඊලෝන් මස්ක් නම වෙනස් කරලා

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, සිය නිල X ගිණුමේ නම "කෙකියුස් මැක්සිමස්"  (Kekius Maximus) ලෙස වෙනස් කර තිබෙනවා. කෙසේවෙතත් තාක්ණික ලෝකය තුළ දැවැන්තයෙක්...